Adaraye Ulpatha Lyrics & Tabs by Victor Rathnayake

Adaraye Ulpatha

guitar chords lyrics

Victor Rathnayake

Album : Sihina Sathak sri lankan PlayStop

ආදරයේ උල්පත වූ අම්මා.
මා ඔබගේ පුතු වූ.
ඔබ මතු බුදුවන දවසේ.

මා රාහුල කුමරුන් සේ.
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි,
සුළඟිල්ලේ එල්ලී.
සඳ දියකොට කිරි වතුරෙන්,
ඒ දියරෙන් මුව දෝවා.
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්,
මතකයි මා නැළැවූවා.
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී.
ඒ ජීවිතයට දිරි දී පණ දී.
මා දැඩි කල අම්මා.
ආදරයේ උල්පත වූ අම්මා.
මා ඔබගේ පුතු වූ.

මා දැඩි කල අම්මා.
ආදරයේ උල්පත වූ අම්මා.
මා ඔබගේ පුතු වූ.
ඔබ මතු බුදුවන දවසේ.
මා රාහුල කුමරුන් සේ.
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි,
සුළඟිල්ලේ එල්ලී.
තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා,
නිදි ගන්වා යහන් ගැබේ.
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්,
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ.
දවසින් දවසට සෙනෙහස ලබැඳී.
ගෙනදී දිවියට නව පණ ලැබදී.
මා දැඩිකල අම්මා.
ආදරයේ උල්පත වූ අම්මා.
මා ඔබගේ පුතු වූ.
ඔබ මතු බුදුවන දවසේ.
මා රාහුල කුමරුන් සේ.
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි,
සුළඟිල්ලේ එල්ලී.

Like us on Facebook.....
-> Loading Time :0.0085 sec